Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, January 22, 2015

Pc hardware සිංහල පාඩම් මාලාව අංක 2

ප්‍රොසෙසරය

ප්‍රොසෙසරය සවි වෙන සොකට් එකෙහි තිබෙන ලොක් එකට සම්බන්ද දෝශයක් නිසා හෝ ලොක් එක බුරුල්වීම නිසා
 ප්‍රොසෙසරය බුරුල් විය හැක. එවිට  ප්‍රොසෙසරය  මත ඇති කූලින් ෆෑන් එක සහ හීට් සින්ක් එක එකිනෙකින් ගලවා, 

 නැවත ඒවා එකිනෙකට සවි කර,
 එම කට්ටලයම කලින් තිබුනාක් මෙන් ප්‍රොසෙසරය 
මතුපිටට සවි කරන්න.

ප්‍රොසෙසර් ෆෑන් එක නිසි පරිදි ක්‍රියාත්මක වේද?

ෆෑන් එකෙහි දෝශයක් නිසා, ප්‍රොසෙසරය අධික ලෙස රත් වී එය ක්‍රියා නොකරනවා විය හැක.ප්‍රොසෙසර් ෆෑන් එක නිසියාකරව ක්‍රියා 
නොකිරීම නිසා ප්‍රොසෙසරය අක්‍රීය වීමට පුලුවන.


 සිස්ටම් යුනිට් එකෙහි කවරය පිටතින් 
ගලවා බැලූ විට, ප්‍රොසෙසර් ෆෑන් එක ක්‍රියා කරන ආකාරය 
පෙනුනත්, එය නියමිත වේගයෙන් කරකැවෙන්නේද යන්න අවබෝධ කර ගැනීම අපහසුය. 

කෙසේ වෙතත් ප්‍රොසෙසර් ෆෑන් එකෙහි දෝෂයක් තිබෙන විට එය කරකැවෙන්නේ ශබ්දයක් නගමිනි. මේ නිසා
 සිස්ටම් යුනිට් එකෙහි ඇතුලතින් නුහුරු ශබ්දයක් ඇසේ නම් ප්‍රොසෙසර් ෆෑන් එක ගැන විමසා බලා එහි ඇති දෝෂ සමනය
 කල යුතුය.


දූවිලි රැදීම නිසාද ප්‍රොසෙසරයේ ෆෑන් එක නියමිත 
වේගයෙන් ක්‍රියා නොකිරීමට පුලුවන. 
මෙවැනි අවස්ථාවක කූලිං ෆෑන් එක ගලවා පිරිසිදු කල යුතුය.
 එසේම හීට් සින්ක් එක මතද දූවිලි බැදුනොත් එයද  ප්‍රොසෙසරයේ 
රත් වීමට බලපායි. මේ නිසා එයද පිරිසිදු
 කල යුතුය.


සෑම මව්පුවරුවකම පාහේ තත්වය 
පෙන්වීමේ තොරතුරු බයෝස් වැඩසටහන තුල තිබේ.
මොනිටරය මත ඩිස්ප්ලේ එකක් ලබාදෙන මට්ටමින් පරිගනකය වැඩ කරන්නේ නම් බයෝස් වැඩසටහන වෙත පිවිස එහි 



health status යන්න තුලින්, ප්‍රොසෙසරයේ උශ්නත්වය, ප්‍රොසෙසර් 
ෆෑන් එක කැරකැවෙන වේගය ආදිය බලා ඒවා 
ඉතා ඉහල දැයි බලන්න.

 ප්‍රොසෙසර් ෆෑන් එක සම්බන්ද කර ඇති කනෙක්ටරය බුරුල් වීම නිසාද එය නිසියාකාරව ක්‍රියා නොකරනවා විය හැකි. එයද බලා
 සවි කල යුතුය. 

පරිගනකය ක්‍රියාත්මක කරන අවස්තාවේම  ප්‍රොසෙසර් ෆෑන් එක පිලිබදව අවදානයෙන් සිටීමෙන් එහි දෝෂයක් ඇත්දැයි හදුනා ගත හැක. ෆෑන් එකේ සුලු හෝ දෝෂයක් ඇත්නම් ඒ වෙනුවට නියමිත වර්ගයේ ෆෑන් එකක් යෙදිය යුතුය.





 ඊලග ලිපිය මෙතනින් ගිහින් බලන්න.

                                                                  

0 comments:

Post a Comment