Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, January 22, 2015

Pc hardware සිංහල පාඩම් මාලාව අංක 3

මව්පුවරු



මව්පුවරැවෙහි බයෝස් සැකසුමට අදාල විවිධ වෙනස්කම් නිසාද, පරිගනකය නිසි පරිදි ක්‍රියා නොකරයි. මෙවැන්නකදී බයෝස් සැකසුම් රීසෙට් කිරීමේ පහසුකම බයෝස් වැඩසටහනට ඇතුලත් වුවත්, මොනිටරයේ කිසිවක් දිස්වන්නෙ නැත්නම්, බයෝස් වැඩසටහනටද පිවිසිය නොහැක.




 මෙවැනි තත්වයක් යටතේ මව්පුවරුවෙහි ඇති බැටරිය ගලවා, විනාඩි කීපයක් තබා නැවත සවි කිරීමෙන් සීමෝස් සෙටින්ග්ස් ඩිෆෝල්ට් කර ගන්නට පුලුවන.


පරිගනකය මූලික පරික්ෂාවට ලක් කලේද?




මව්පුවරුවක් මූලික පරික්ෂාවට ලක් කරන විට, එය කේසින් එකෙන්ද ගලවා හොදින් පිරිසිදු කර, පිටතදී සවි කර බැලිය යුතුය. රැම් ස්ලොට් හා වීජීඒ ස්ලොට් හොදින් පිරිසිදු කල යුතුය. 


සිහින් කෙදි සහිත බුරුසුවකට වයින් ස්ප්‍රීට් හෝ ඇල්කොහොල් යොදා, ස්ලොට් පිරිසිදු කල යුතුය.



 

මේ ආකාරයට සම්පූර්න මව්පුවරුවම වුවත් පිරිසිදු කර ගත හැක. LGA ප්‍රොසෙසර් සොකට් එකක් සහිත මව්පුවරුවකදී නම්, ප්‍රොසෙසර් සොකට් එක පිරිසිදු නොකල යුතුය. වතුරෙන් සෝදා පිරිසිදු කිරීම නොකල යුතුය. 


එවිට මව්පුවරුවේ ඇතුලත කොටස්වල රැදෙන සියුම් ජල අංශු වාශ්ප බවට පත්වී මව්පුවරුවේ පරිපත කොටස් වලට හානි ගෙන දෙන බැවිනි. 


මව්පුවරුවක් පිරිසිදු කල පසු එය අව්වේ තබා වේලීම හොද නැත. එවිට මව්පුවරුව රත්වී ප්‍රසාරනය වීම නිසා එහි සියුම් පරිපත කොටස් වලට හානි විය හැකි බැවිනි. 


මව්පුවරු වියලා ගත යුත්තේ සාමාන්ය පරිසරයේදී විදුලි පන්කාවක් මගින් එය වෙත සුලං ධාරා එවීමෙනි.




ගලවා ගත් මව්පුවරුව මෙසේ පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව, එය මූලික පරික්ශාවකට ලක් කිරීම සදහා හීට් සින්ක් එක සහ 

කූලින් ෆෑන් එක සමග ප්‍රොසෙසරය, රැම් එක සහ වීජීඒ කාර්ඩ් එක පමනක් සවි කර කේසින් එක මතුපිට කාර්ඩ්බෝඩ් 

කැබැල්ලක් වැනි විදුලි කාන්දු නොවන යම් දෙයක් තබා,

 ඒ මත මව්පුවරුව තබා , පවර් කේබල් සහ පවර් ස්විච්චයට අදාල කනෙක්ටර් සම්බන්ද කර පරිගනකය

 ක්‍රියා කරවා බලන්න.


 ඒවිට පරිගනකය ක්‍රියාත්මක වී තිරයේ බයෝස් වැඩසටහන පෙන්වයි නම් දෝශය නිරාකරනය වී ඇත.




වෙනත් ප්‍රොසෙසරයක් යෙදු විට පරිගනකය ක්‍රියාත්මක වේද?
ඉහත පරික්ශාවෙන් පසුවද, යම් බීප් හඩක්ද නොමැතිව, පරිගනකය ක්‍රියාත්මක නොවන්නේ නම් දෝශය ඇත්තේ ප්‍රොසෙසරයේ විය හැක. 


මෙහිදී වෙනත් ප්‍රොසෙසරයක් යොදා බලන්න.




 අලුත් ප්‍රොසෙසරයක් යොදන විට ඊට ගැලපෙන හීට් සින්ක් එකක් හා ෆෑන් එකක්ද යොදා බලන්න. මෙම පරික්ශාවද අසාර්තක වේ නම්, මව්පුවරුව දෝෂ  සහිත යැයි නිගමනය කල හැක.


එවිට අදාල මව් පුවරුව වෙනුවට අලුත් මව්පුවරුවක් සවි කල යුතුය.


මෙහෙයුම් පද්දතියට පිවිසීමට උත්සාහ ගනීද?


පරිගනකය පණ ගැන්වී මෙහෙයුම් පද්දතියට පිවිසීම සදහා උත්සාහ ගන්නා නමුත්, මෙහෙයුම් පද්දතියට පිවිසෙන්නේ නැත්නම්, මෙහෙයුම් පද්ධතියට අදාල බූට් ෆයිල්ස් මැකී තිබීම දෝශයට මුල් විය හැක. 




එවිට මෙහෙයුම් පද්දතිය අලුතින් පිහිටුවීම හෝ මෙහෙයුම් පද්දතියට අඩංගු ඩීවීඩී එක ඇතුලත් කර එය රෙපෙයාර් කල යුතුය.




පරිගනකයේ මෙහෙයුම් පද්ධතියද නිසියාකරව ක්‍රියාත්මක වී රිගනකය වැඩ කරන අතරවාරයේ පරිගනකය එක වරම රීස්ටාර්ට් වේ නම්, ප්‍රොසෙසරය අධික ලෙස රත් වෙනවා විය හැකිය. 


එවිට අලුත් ප්‍රොසෙසර් ෆෑන් එකක් සහ ඊට ගැලපෙන හීට් සින්ක් එකක් යොදා බලන්න. මෙසේ පරිගනකය ක්‍රියාත්මක වෙන අතරවාරයේ, එය එකවරම රීස්ටර්ට් වෙන්නේ හෝ ක්‍රියා විරහිත වෙන්නේ මව්පුවරුවෙහි ඇති ආරක්ශක උපක්‍රමයක් නිසාය. 




යම් ප්‍රමානයකට වඩා ප්‍රොසෙසරය 

රත් වුවහොත් බයෝස් වැඩසටහන මගින් පරිගනකය ක්‍රියා විරහිත කරවයි. මෙවැනි ආරක්ශක ක්‍රම තිබෙන බැවින් ප්‍රොසෙසරය රත් වී විනාශ වීම වැලකෙයි.




....~!~!~!~අලුත් ලිපියකින් හමුවෙමු~!~!~!~....

1 comments:

Post a Comment