PC TROUBLE-SHOOTING

මෙමරි මොඩියුල්, ප්‍රොසෙසර් සහ මව්පුවරුවල දෝෂ සමනය
කර ගන්න හැටි
මව්පුවරුවේ ප්‍රොසෙසරයේ හෝ මෙමරි මොඩියුල් වල දෝෂ තිබේ නම් එය මුලින්ම පෙන්වන්නේ පරිගනක තිරයෙ කිසිවක්
දිස් නොවීමෙනී.
එනිසා පරිගනක තිරයේ කිසිවක් දිස් නොවීමට බලපන වෙනත් දෝෂ නැති බවට කලින්ම තහවුරු කර ගත යුතුය.
එනම් මොනිටරය නියම විදියට ක්‍රියත්මක වෙන්නෙද යන්නත්, system unit එක වෙත විදුලිය
ලැබී එය ක්‍රියත්මක වෙන්නෙද යන්නත්, වීජීඒ කාර්ඩ් එකෙහි
දෝෂයක් නැතිද යන්නත් කලින්ම හදුනාගෙන තිබිය යුතුය.
ඒවයේ දෝෂ නැතිනම් දැන් කල යුතු
දේ මෙසේය.
මෙමරි මොඩියුල්ස්
බොහෝ පරිගනක වල මෙමරි මොඩියුල්ස් හෙවත් රැම් කාර්ඩ්ස් අප්ඩේට් කර පරිගනකය ක්‍රියාත්මක කරන විට පරිගනකය පණගැන්වෙන්නේ නැතිව හෝ තිරයේ කිසිවක් නොපෙන්වා හෝ දෝශ පණිවුඩ ලබාදෙයි.
රැම් ස්ලොට් එකෙන් රැම් මොඩියුල් එක බුරුල් වීම නිසාද දෝෂ ඇතිවිය හැක. ඒ නිසා දැනටමත් සවි කර තිබෙන රැම් මොඩියුලය හොදින් සවි කරන්න.
බීප් හඩවල් ඇසේද?
පරිගනකය පන ගැන්වූ විට එක කෙටි
බීප් නාදයක් හෝ දෙකක් ඇසීම සාමාන්‍යයි.දීර්ග බීප් නාද දිගින් දිගටම ඇසේ නම්, රැම් එකෙහි දෝෂයක් තිබේ රැම් එක ගලවා,
මව්පුවරුව හා සම්බන්ධ වෙන සම්බන්ධකය හොදින්
මව්පුවරුව හා සම්බන්ධ වෙන සම්බන්ධකය හොදින්
පිරිසිදු කල යුතුය.
රැම් එකට යම් හානියක් සිදුව තිබුනොත් බීප් හඩක් හෝ ඇසෙන්නේ නැතිවම පරිගනකය ක්‍රියා නොකරයි.එවිට වෙනත් රැම් එකක් යොදා බැලිය යුතුයි.
රැම් මොඩියුල් මාරු කලේද?

පරිගනකයේ රැම් මොඩියුල් කීපයක් අත්නම්, ඒවා මාරු කර බලා දෝෂය සොයා ගත හැක.එහිදී පලමු රැම් ස්ලොට් එකට පමනක් එක් රැම් මොඩියුල් මාරුවෙන් මාරුවට සවි කර බලන්න. එවිට දෝෂය ඇති රැම් මොඩියුල් එක කුමක් දැයි හදුනා ගතහැක.
ගැලපෙන මෙමරි මොඩියුල්ස් සවි කර තිබේද?
එවිටත් දෝෂය තිබේ නම් ගැලපෙන මෙමරි මොඩියුල්ස් සවි කර නොමැතිවීම හේතුවකි. පරිනකයකට අලුත් මෙමරි මොඩියුල් එකක් සවි කරන විට එහි මතක ධාරිතව ගැන පමනක් සලකා බලා ඒවා
සවි කිරීම නිසත් මෙවැනි දෝෂ මතුවේ. පරිගනකයකට රැම් මොඩියුල් එකක් සවි කරන විට ධාරිතව පමනක් නොව එම රැම් මොඩියුල් එකෙහි වේගය සමග මව් පුවරුවේ වේගය ගැලපෙන්නේද යන්නත්, මව්පුවරුව සදහා සහය දක්වන ව්පරිම රැම් ධාරිතව ගැනත් අවධානය යොමු කල යුතුය.
මෙය අදාල මව්පුවරුවෙහි මැනුවල් එක බල දැන ගත හැකිය.ඇතැම් මව්පුවරුවල මතුපිටද මෙම තොරතුරු කුඩා අකුරින් මුද්‍රනය
කර ඇත.
මව් පුවරු නිශ්පාදකයින්ගේ වෙබ් අඩවි වලද ඒ පිලිබදව විස්තර දක්වා තිබේ. දැන් මේවට ගැලපෙන රැම් මොඩියුල් යෙදිය යුතුය.
ඊලග ලිපිය මෙතනින් ගිහින් බලන්න.






2 comments:
mmmm
--- ~!~!~!Shavinnet.Blogspot.Com!~ >>>>> Download Now
>>>>> Download Full
--- ~!~!~!Shavinnet.Blogspot.Com!~ >>>>> Download LINK
>>>>> Download Now
--- ~!~!~!Shavinnet.Blogspot.Com!~ >>>>> Download Full
>>>>> Download LINK xv
Post a Comment