Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Sunday, January 11, 2015

ජංගම දුරකතනවල ඉදිමුනු බැටරි භාවිතා කිරීම නරකද?

                                ජංගම දුරකතනවල බැටරි ඉදිමීමට බලපාන හේතු මොනවාද? එසේ ඉදිමුණු බැටරි භාවිතා කිරීම නරකද?


බාල වර්ගයේ බැටරි ඉක්මනින් ඉදිමෙනවා. මේ නිසා ජංගම දුරකතනය සමග ලැබුනු බැටරිය මාරු කරනවානම් යෙදිය යුත්තේ ද එවැනිම බැටරියක්. එනම් නිශ්පාදකයා විසින් නිර්දේශ කර ගනු ලැබූ බැටරියක්. හොද බැටරියක් වුවත් චාර්ජ් කරන්නට 
ගුනාත්මක බවෙන් අඩු චාජර් භාවිතා කලොත් එවිටද බැටරි ඉදිමෙයි.
මෙනිසා මල්ටි චාජර් භාවිතා නොකල යුතුයි. 
බැටරි චාර්ජ් කරන්නට නිශ්පාදකයා අනුමත කර තිබෙන ඇම්පියර් ප්‍රමානය සහ වෝල්ටීයතාවය දෙන චාජරයක්ම යොදා ගත යුතුයි.
 කිසි විටෙකත් මල්ටි චාජර් භාවිතා
 නොකල යුතුයි.

බැටරිය තුල ඇති පරිපථයේ ඇතිවන දෝශ නිසාද බැටරිය ඉදිමීමට පුලුවන්. මෙය කලතුරකින් වෙන දෙයක්. 
පරිපථයේ දෝශ නිසා බැටරිය ප්‍රමනය ඉක්මවා ආරෝපනය වී බැටරියට හානි පැමිනෙනවා. බැටරිය ඉදිමීම නිසා බැටරියේ ආයු කාලය අඩු වෙනවා. 

එමෙන්ම ආරෝපන පවතින කාලයද අඩු වෙනවා. එහෙත් ඉදිමුනු බැටරි භාවිතා කිරීම නිසා දුරකතනයට හානියක් වෙන්නේ නැත.

....෴~!~!~!~අලුත් ලිපියකින් හමුවෙමු~!~!~!~෴....

0 comments:

Post a Comment